Monday, February 6, 2012

Welcome


 ______________________________________________
Sample Video Tutorial



Here is an unbelievable chance to improve your knowledge in Microsoft Visual Basic 6.0, specially designed for the  students who follow Information and Communication Technology for G.C.E (O/L) in sinhala medium.

# Students can choose easily the topic they want to study more as they are categorized in several sections.
# Video Tutorials contain (theory + practical examples), so the students are able to cover their week points accurately.

*   *   *

අ.පො.ස (සා/පෙළ) අතිරේක තාක්ෂණික විෂයයක් ලෙසට තෝරාගතහැකි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයෙහි [ICT] ඇති ඉතාමත්ම ආකර්ෂණිය ඒකකයක් ලෙසට මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් 6.0 හදුන්වාදීමට පුලුවනි. සෑම සිසුවෙක්ම විවධාකාර මෘදුකාංග සමාගම්වලින් නිපදවා ඇති මෘදුකාංග භාවිතා කරන අතරේ තමන් විසින්ම නිපදවන ලද කුඩා මෘදුකාංගයක් තම පරිගණකයේ ධාවනය කිරීමට ඉමහත් ආසාවෙන් පසුවන බව මා ඉතාමත් හොදින් දන්නා කරුණක්. ඉතින් මේ බලාපොරොත්තුවට පොඩි හරි තල්ලුවක් ලබාදීමට ICT විෂයය නිර්දේශයට Visual Basic 6.0 කොටස ඇතුලත් කිරීම මගින් ඔවුන් විසින් කර තිබෙනවා.

නමුත් සිසුන්ට පෙළ පොතට අමතරව මෙම ඒකකය උගනීමට ඇති අවස්ථා ඉතාමත් අල්ප වෙනවා. විශේෂයෙන්ම අදාළ විෂය නිර්දේශය තුල සකස්වී ඇති මූලාශ්‍ර වල අඩුවක් දක්නට ලැබෙනවා. එනම් ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍යය දෙකෙන්ම යුත් සිංහලින් ඇති ඉගෙනුම් අත්වැල් (Video Learning Guides) දක්නට ලැබීම Visual Basic 6.0 කොටස සදහා නොදැකිය හැකි තරම් වෙනවා.

ඉතින් එම අඩුව යම් තරමකින් හො පිරවීම සදහා ICT විෂයය නිර්දේශයෙහි Visual Basic 6.0 කොටස ආවර්ණය වන ලෙසට මා විසින් නිර්මිත වීඩියෝ දර්ශන සමගින් සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම් අත්වැලක් (Video Learning Guides) මෙම විෂුවල් බේසික් 6 : සිංහලින් [sinhala-vb.weebly.com] වෙබ් අඩවිය හරහා ලබා දීමට මම සිතුවා.
 *   *   *
Login : http://sinhala-vb6.weebly.com/

No comments:

Post a Comment